14 වන මහලින් වැටුණු අයකුට අත්වූ ඉරණම


බොරැල්ල ඩි  එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පදවිය ප්‍රදේශයේ 24 හැවිරිදි  අයෙකි.

මියගිය පුද්ගලයා තට්ටු  18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

 අනතුරින් බරපතල ලද පුද්ගලයා ඒ මොහොතේම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන් පරික්ෂා කර බලා ඔහු මියගොස් ඇති බවට දැනුම් දී ඇත.

බිමල් ශාමන්



Recommended Articles