13 හැවැරිදි පාසල් රග්බි ක්‍රීඩකයා දිවි තොර ගත්තේ ඡංගම දුරකතනය අරන් දුන් නැති නිසාද?


මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක දහතුන් හැවිරිදි සිසුවෙකු නිවසේ කාමරයක් තුළ ගෙල වැලලා ගෙන මියගොස් ඇති බව පොත්තපිටිය පොලිසිය කියයි .

එසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ පොත්තපිටිය පොලිස් වසමේ මැණික්දිවෙල ප්‍රදේශයේ රොනිත් හුඩුපිටිය (13) නමැති 08 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි .

එම සිසුවා පාසලේ කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති අතර ඔහු තම දෙමව්පියන්ගෙන් ජංගම දුරකථනයක් ඉල්ලා සිටියත් දෙමව්පියන් එය ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති බවට පොලිස් පරීක්ෂණවරිදි අනාවරණය වී තිබේ .

පොත්තපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රණසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

 



Recommended Articles