13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරනවා


පළාත් සභා සම්බන්ධයෙන් වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරන බවත් පළාත් සභා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂනයක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (08දා) පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පළාත් සභාවල අඩුපාඩු ඇත්තම් සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳාගත යුතු බවත පළාත් සභා හරහා ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීමට හැකි බවත් ඔහු පැවැසීය.

"පැහැදිලිවම පළාත් සභා ආරක්ෂා කරනවා" යැයි විපක්ෂනායකවරයා පැවැසීය. 



Recommended Articles