125,000 කට ඊයේ කොවිඩ් එන්නත්


කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 125,877 දෙනෙකුට ඊයේ දිනයේදි එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සයිනොෆාම් ඒන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 84,559 දෙනෙකුට ලබා දි ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 23,368කට ලබා දි තිබේ.

ස්පුටිනික් ඒන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 10,649 දෙනෙකුට  ලබා දි තිබේ.

 



Recommended Articles