122 වැනි වතාවටත් ජර්මන් ජාතිකාව ලංකාවට


1979 වසරේ සිට අඛණ්ඩව 122 වරටත් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් ( Ursula Beier ) මහත්මිය 01/10 දින අලුයම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා  කටුනායක ගුවන් තොටුපොළ වෙත  පැමිණියාය.

ඇය  " සාමය හා දයාව " පදනම බිහි කර , ඒ මගින් " දරුවා හදා ගම හදමු " යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන , සෞඛ්‍ය , ආර්ථික සහ සදාචාරය යන ක්ෂේත්‍රයන් ඔස්සේ  සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින්නීය .

ඇය ඇතුළු ඇයගේ දූත පිරිස 01/10 දින අලුයම 05.35 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

උර්සුලා බේයර් මහත්මිය ඇතුළු පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ඇයගේ " සාමය හා දයාව " පදනමේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles