10 හැවැරිදි දරුවා යතුරුපැදියට බිලි


2026.09.24 දින සවස කිලිනොච්චිය පොලිස් වසමේ පුනරින් මාර්ගයේ මුක්කම්මන් පාලම අසලදී කිලිනොච්චිය දෙස සිට පුනරින් දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කල පිරිමි ළමයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ළමයා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත. මරණකරු අවුරුදු 10 ක් වූ උරුත්තිරපුරම් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. අනතුරින් යතුරුපැදියේ පැදිකරුද තුවාල ලබා කිලිනොච්චිය රෝහලේ ප්‍රථිකාර ලබන අතර කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles