'සකීත' අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සකීත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇ​ත.

රාගම, හොරපෙ දුම්රියපොළ ආසන්නයේ සිදුකළ අදාළ වැටලීමේදී ජීව අත්බෝම්බයක්, කිණිස්සක් සහ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි මෙම සැකකරු මෝටර් රථයක් ද සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලීසිය වෙත බාර දී ඇ​ත.



Recommended Articles