හිටපු අගවිනිසුරුවරිය නඩු තුනකින් නිදහස්


වසර තුනක වත්කම් හෙළි නොකළ බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනක් ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඒ අනුව අදාළ නඩු තුනෙන් ඇයව නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරනු ලැබීය.

 

 



Recommended Articles