මහින්ද රාජපක්ෂ රජය සමයේදී ඔහුගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අභ්‍යාවකාශ ගතකළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ රුපියල් මිලියන 460ක් මුදල් ලබාගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ සඳහා තමන් පැමිණිල් කළ බවත් එය විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ලංකා විදුලි බල
“දැන් මේ මෑතදී මුළු රටම හොල්ලපු බැඳුම්කර නඩුව, ප්‍රධාන අපරාධකාරයා, ගෝලෆේස් පිට්ටනියට ගෙනල්ල නඩු අහන්න ඕන.අද සාක්ෂි දීම පවා අවශ්‍ය නැහැ කියලා තීරණය කළා. මේ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් 9% තිබූ පොලී අනුපාතය අද 14% උනේ බැඳුම්කර වංචාව නිසයි.
ඒ වගකිව යුත්තෝ, ඒ ගොල්ලෝ හොරකං කළ ධනයට අමතරව රජයට කළ පාඩුව වර්ෂයකට බිලියන 95 ක්. රටේ ආර්ථිකයට කළ බලපෑම කාටවත් හිතාගන්න බැරි තරම් ට්‍රිලියන ගානක අපරාධයක්. හැබැයි ඒ අයට එහෙන් මෙහෙන් නීති තර්ක මතුකර ප්‍රකෝටි ගණන් ධනය අරගෙන නීතීඥයින්ගේ පොඩි නීති තර්කවලින් අපරාධකාරයෝ නිදහස් වෙලා එළියට යනවා” යයි පැවසීය.