සිරිකොතේ විදුලි බිල නිසා සභාව උණුසුම්


එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි විදුලි බිල ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් සභාවට ඉදිරිපත් වීමෙන් අද (01දා) පාර්ලිමේන්තුව තරමක් උණුසුම් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය කතාව අතරතුර මෙවර අයවැය ඩීල් අයවැයක් බව සඳහන් කළේය. එහිදී සිරිකොතේ විදුලිබිල පවා ගෙවා එක්සත් ජාතික පක්ෂය රැකගත් දයා ගමගේ වැනි ඇමතිවරුන්ට අද අත්ව ඇති ඉරණම කෙබඳුදැයි මහින්දානන්ද මහතා ප්‍රශන් කළේය.

එහිදී නැගී සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතේ විදුලි බිල ගෙවන ලද්දේතමන් විසින් බව කියා සිටියේය.

එවිට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට පිළිතුරු ලෙස “දයා ගමගේ මහත්තයා සල්ලි දුන්නාම අගමැතිතුමා ගෙව්වා* යනුවෙන්  කියා සිටි අතර, දයා ගමගේ ඇමතිවරයා තමන්ට මුදල් ලබානොදුන් බව කියමින් අගමැතිවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමත් සමග සභාව උණුසුම් විය.

ඒ නිසාවෙන් මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ කතාවට දිගින් දිගටම බාධාද එල්ල වන්නට විය.

කෙසේවෙතත් මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමට තමන්ට නොහැකි බව පවසමින් අයවැය දැඩිලෙස විවේචනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය කතාව කරන අතරතුර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ දොරටුවෙන් සභාවට ඇතුළු විය. ඒ සමබන්ධයෙන් අවධානය යොමුකළ අලුත්ගමගේ මන්ත්‍රීවරයා,“මගේ කතාව අහලා අගමැතිතුමාටත් පැත්ත මාරුවෙලා, වයර් ෂෝට් වෙලා* යනුවෙන් කියා සිටි අතර, ඊට සභාව උස් හඬින් සිනහවන අයුරුද දක්නට ලැබිණි.



Recommended Articles