සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය ඉහළට


පසුගිය වසරේ (2017) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතයේ ඉහළ යෑමක් සිදුව තිබේ.

2016 වසරේදී 69.94%ක ප්‍රමාණයක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබාගත් අතර, 2017 වසරේදී එම ප්‍රතිශතය 73.05%ක් දක්වා 3.11 %කින් ඉහළ ගොස් ඇත.

2016 ප්‍රතිඵල සමග සැසඳීමේදී ගණිතය විෂයය සමත් වීමේ ප්‍රතිශතයද 4.43%කින් ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි. 2016 වසරේදී ගණිතය විෂයය සමත් ශිෂ්‍ය ප්‍රතිශතය 62.81%ක් ලෙස දැක්වුණු අතර, 2017 වසරේදී එය 67.24%ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව  සියලු විෂයයන් සඳහා A (A-9) සාමර්ථ ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාවෙහිද ඉහළ යෑමක් සිදුව ඇති අතර, පසුගිය වසරේ (2016) සියලුම විෂයයන් සඳහා A සාමර්ථ ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8224ක් ලෙස දැක්විණි. 2017 වසරේදී එම සංඛ්‍යාව 9960 දක්වා ඉහළ ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි.



Recommended Articles