සයිටම් විරෝධී සටනකට තවත් සංවිධානයක්


සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා රට තුළ ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සාමූහික තීන්දුවක් මත ක්‍රියාත්මක කිරීම සඳහා සයිටම් විරෝධී ජනතා පවුර ලෙස අද (10දා) සංවිධානයක් ගොඩනගා ගනු ලැබීය.

මේ අනුව වෘත්තීය සමිති දේශපාලන පක්ෂ බහුජන සංවිධාන නියෝජනය කරන මෙම සංගමයේ පළමු ක්‍රියාමාර්ගය ලෙස මේ මස 20 වැනිදා කොළඹ නගරයේදී ජාතික සමුළුවක් පැවැත්වීමටත් තීරණය කර තිබේ.

මෙම සමුළුව තුළින් ඉදිරි ක්‍රියාමාර්ග තීන්දු කරන බවද එම සංගමයේ සාමාජික කේ.පී. ලාල්කාන්ත මහතා අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.



Recommended Articles