සඳුන් ඇල්ලෙන් වැටී බහරේන් ජාතිකයා ජීවිතක්ෂයට


කිතුල්ගල, මහබාගේ සඳුන් ඇල්ලෙන් පහළට ඇදවැටී ඊයේ  (11දා) දහවල් විදේශීය සංචාරකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිතුල්ගල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බහරේන් ජාතික අබ්දුල් සහීරා (අවු.40) නමැත්තෙකි.

මරණකරු පිරිසක් සමග ඇල්ල නැරඹීමට පැමිණි ඇති අතර, පය ලිස්සා අඩි 40ක පමණ ඇල්ලේ ප්‍රපාතයට ඇදවැටී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිතුල්ගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

ARFBYK_2942681b

අවිස්සාවේල්ල - හිඟුරල ආරච්චි/ කෑගල්ල - වසන්ත රෝහණ



Recommended Articles