සනීපාරක්ෂක පහසුකම් නැති විහාරස්ථානවලට ප්‍රතිපාදන


සනීපාරක්ෂක පහසුකම් නොමැති බවට වාර්තාවන විහාරස්ථානවලට වැසිකිළි පහසුකම් ලබාදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (23දා) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් සනීපාරක්ෂක පහසුකම් නොමැති විහාරස්ථාන සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරිපාලනය ඇතුළු  සියලු කාර්යන් විධිමත් කිරීමට පියවර ගත් බැවින් අරමුදලට ලැබෙන ආදායම් ඉහළ නැංවීමට හැකි වී ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා එම අරමුදල් යොදවා මෙවැනි කටයුතු සිදුකිරීමට හැකි වී ඇති බවද ප්‍රකාශ කළේය.

මීට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික වටිනාකමක් සහිත සියලුම ආගමික ස්ථාන සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා පැවසීය.

DSC_5378 DSC_5384 DSC_5395

ඡායාරූප ශමීර රාජපක්ෂ

 



Recommended Articles