ශ්‍රී ලංකාවට GSP ප්ලස් දෙනවට විරුද්ධව යෝජනාවක්


ශ්‍රී ලංකාවට GSP ප්ලස් සහනය ලබාදීමට විරෝධය දක්වමින් යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් එහි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් පවතින්නේ අඩු වර්ධනයක් බව සඳහන් කරමින් ඔවුන් මෙම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 751ක් සිටින අතර එයින් 376ක් හේා ඊට වඩා වැඩි පිරිසක් මෙම යෝජනාවට සහාය දැක්වුවහොත් ශ්‍රී ලංකාවට GSP ප්ලස් සහනය ලබාදිම අත්හිටවණු ඇතැයි සඳහන් වෙයි.

ලබන සතියේදි මෙම යෝජනාව විවාදයට ගැනිමට නියමිතය.



Recommended Articles