ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට නියමිත සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පත්කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකගේ කැමැත්ත පළවීඇතැයි වාර්තාවේ.
අදාළ නතතුරට පත්කිරීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගේම නම යෝජනාවී තිබු අතර, එහෙත් එම නම් සඳහා විරෝධතා එල්ලවීම හා බහුතරයක් පිරිස් ඊට අකමැතිවීම නිසා එම නම් ඉවත්කර දැමීමටත් පක්ෂය කටයුතු කර තිබේ.
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයෙකු පත්කිරීමට සුදුස්සෙකු තෝරාගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරුන්ට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් නිකුත්කර තිබේ.
කැබිනට් මාධ්‍ය සාකච්ඡාවලදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වීමට නියෝජිතයෙකු නොමැති වීම නිසා මෙම පත්කිරීම සිදුකිරීමට පක්ෂය තීරණය කර තිබේ.