වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් 2100ක් බඳවා ගනියි


13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ගුරුවරුන් 2100ක් බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (10දා) නිකුත් කර‍ ඇත. 

ජාතික හා පළාත් පාසල්වල නව උසස් පෙළ වෘත්තීය විෂයධාරාවට අදාළ ව පවත්නා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් 2100ක් බඳවාගැනීමට නියමිතය.

­­­

පාසල් පාදක ක්‍රමය පදනම් කරගනිමින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව මෙම බඳවාගැනීම් සිදුකරයි.

2017-12-11 දිනට පෙර ක්‍රියාත්මක වන පරිදි පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ අනුමත විශ්ව විද්‍යාලයකින් උපාධි ලබා ඇති, අදාළ විෂය උපාධියට ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති අයදුම්කරුවන්ට මේ සදහා අයදුම් කළ හැකියි.

ඒ අනුව ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය, ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණකරණය, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, කලාව හා පිරිසැලසුම්කරණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් සඳහා නවක උපාධි ගුරුවරුන් බඳවා ගැනීමට අපේක්ෂිතයි.  

Ministry_of_Education

 

 



Recommended Articles