විශාමික ගැටලු ගැන කියන්න සති 3ක් ඇතුළත අවස්ථාවක්


රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවූවන්ගේ සංගමය මුහුණපා ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා සති තුනක් ඇතුළත  අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය උපදේශක ජිනසිරි දඩල්ලගේ මහතා අද (16දා) පොරොන්දු විය.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවූවන්ගේ සංගමයේ සභාපති එච්.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අරලියගහ මන්දිරය දක්වා අද පැවැත්වූ පාගමන අවසානයේදී මෙම පොරොන්දුව ලබාදුන් බවයි.

 1956  සිට 1984 දක්වා පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය ආයතන සංග්‍රහයට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් 1980/1980 වසරවල සේවය කළ සේවකයන්ට අසාධාරණයක් වී ඇති බවත්, දැනටමත් මෙම පිරිසෙන් සියයට 80ක් පමණ මියගොස් ඇති බවත් තිලරත්න මහතා පැවසීය.

බලධාරීන්ගේ නොසැලකිල්ල මේ සඳහා බලපා තිබෙන අතර, වසර දෙකක් තිස්සේ ලිපි මගින් දැනුම්වත් කළද මෙයට විසඳුමක් නොලැබුණු බැවින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අසල සිට අරලියගහ මන්දිරය දක්වා අද දින පාගමනක් පැවැත්වූ බව හෙතෙම පවසා සිටියේය.

AID_5358 AID_5363 AID_5365 AID_5370 AID_5375 AID_5382 AID_5387 AID_5392 AID_5396 AID_5405 AID_5410 AID_5413 AID_5416 AID_5418 AID_5421 AID_5424

ඡායාරූප - ඉසුරු පෙරේරා

 



Recommended Articles