රවී බේරෙයි - පක්ෂව 51 විපක්ෂව 145


මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 51ක් විපක්ෂව ඡන්ද 145ක්ද ලැබුණි. මන්ත්‍රීවරු 28ක් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය. 

හිටලු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජන්ද විමසුමට පාර්ලිමේන්තුවේ නොසිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. අනුර  කුමාර දිසානායක, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති හා විජිත හේරත් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව හෙට (10දා) පෙරවරු 10.30 දක්වා කල්තැබිණ. 

 

 

 

 

 

 



Recommended Articles