විරෝධතාවයේ යෙදුන 52ක් අත්අඩංගුවට


හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව විරෝධතාවයේ යෙදුන සහ පොදු දේපොළ හානි කළ බව කියන 52කු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඊයේ(06දා) ලබා දුන් නියෝග නොතකමින් අධිකරණ නියෝග කඩ කළ තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද පොලිස් පොලිසිය පැවසීය.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (06) අතුරු නියෝගයක් නිකුත් කළේය.



Recommended Articles