විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණයට හේතුව හෘදයාබාධයක්


විමල් වීරවංශ මහතාගේ නිවසේදී මියගිය ලහිරු ජනිත් නැමති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මිය හා ඇගේ දියණිය වෙත පසුගිය සමයේ අපහාස සිදු කරන ලද පාර්ශ්වයන්ට විරුද්ධව අපහාස නඩු ගොනු කරන බවට %සත්‍ය ගවේෂකයෝ^ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති නීතිඥ ප්‍රේම්නාත් ඩී. දොලවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වන දින විමල් වීරවංශ මහතාගේ නිවසේදී මියගිය අදාළ තරුණයාගේ මරණය, කාඩියෝමාපති නම් හෘද රෝගී තත්ත්වයෙන් හේතුවෙන් සිදු වූවක් බවට මරණ පරීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇති බවයි.

ඒ අනුව අදාළ මරණය ස්වභාවික මරණයක් හේතුවෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යා යුතු නොවන බවත්, නඩුව අවසන් කර ඇති බවත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අදාළ තීන්දුව ලබාදී ඇති බවත් ඔහු පවසා සිටියේය.

කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද (17දා) සවස පැවති  මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. 

AID_1168 AID_1175 AID_1203

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles