විධායක ජනපතිධුරය අහෝසි කිරීමට විරුද්ධයි


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව තම පක්ෂය විරෝධය පළකරන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධව ස්ථීර ප්‍රකාශයක් නිකුත් කර නැති බවයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට උත්සාහ කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්,මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම්වලදී තම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

gammanpila1



Recommended Articles