විදෙස් විනිසුරු සහාය පිළිබඳ පැනයට මහ ලේකම් නිහඬයි


ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීමක් සිදුවන්නේ දැයි නැඟුණු ප්‍රශ්නයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පිළිතුරු දීමෙන් වැළකී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිය තෙදින නිල සංචාරය අවසන් කරමින් ඊයේ (02දා) කොළඹ, ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වෙත මෙම පැනය නැගුඟි.

එහිදී, එම පැනයට පිළිතුරු දීමෙන් මහ ලේකම්වරයා වැළකී සිටියේය.

ඡායාරූප - ප්‍රදීප් පතිරණ



Recommended Articles