විගමන ශ්‍රමිකයෙකුට මෑත ඉතිහාසයේ ඉහළම හිඟවැටුප ලැබෙයි


සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 17කට පසු ලක්ෂ 36ක හිඟ වැටුපක්ද සමග අද (27දා) දින මෙරටට පැමිණ තිබේ.

වසර 17ක් සෞදියේ සේවය කළ කේ.ජී. කුසුමාවතී නම් අඹන්පොළ, අටවරද ප්‍ර‘දේශයේ පදිංචිකාරිණියක් මෙසේ හිඟ වැටුප්ද සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහා මෙම කාන්තාව 2000 වසරේදී සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇත. එහිදී ඇය කාන්තාර ප්‍ර‘දේශයක වසර 15ක් පුරා එහි එළුවන් හා බැටලුවන් බලාගනිමින් සේවයකර ඇත.

එහෙත් පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ඇය පිළිබඳ කිසිඳු තොරතුරක් නොලද හෙයින් මේ පිළිබඳව ඇගේ පවුලේ සාමාජිකයන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස එම නිලධාරීන් මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉන් අනතුරුව ඇයගේ හාම්පුතා සොයාගැනීමෙන් පසු රියාල් අසූඅටදහස් හයසියයක හිඟ මුදලක් ගෙවීමට පොරොන්දු වී තිබේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 36කි. එය මෑත ඉතිහාසයේ විගමණික ශ්‍රමිකයෙකුගේ හිමිකම් වෙනුවෙන් ලබාදිය හැකි වූ ඉහළම හිඟ වැටුප් ප්‍රමාණය ලෙස වාර්තා වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 

IMG_9809 copy



Recommended Articles