වැස්සෙන් 84943ක් පීඩාවට


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 84943ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම පිරිසෙන් 27621ක් ආරක්ෂිත කඳවුරු 194ක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල සිටින ජනතාව ගංඟා ආසන්නයට යාමෙන් වැළකී සිටින ලෙසත්, ඉහළ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවෙමින් තිබෙන බැවින් ගංඟාවල පහළ ප්‍රදේශ ජලයෙන් යටවී යෑමට හැකි බැවින් ගංඟා දෙපස රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වන විට මියගොස් සිටින දස දෙනාගෙන් හතර දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් මිය ගොස් තිබෙන බවත්, මේ නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.

6cfb6520083235e9e1666b184acd149b_L



Recommended Articles