වාහන පර්මිට් වෙනුවට මිලියනයක්


රජයේ විධායක නිලධාරීන්ට ලබාදුන් තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය වෙනුවට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වූ සංශෝධනය අද (01දා) හෝ හෙට (02දා) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අද ට වාර්තා වේ.

මීට අමතරව පොහොර සහනාධාරය ඇතුළු අයවැය සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමටද යෝජනා වී තිබේ. මේ සියල්ල අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට පෙර ඉදිරිපත් කිරීමට තීරණය වී ඇති අතර, අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට (02දා) දිනයේ පැවැත්වීමට නියමිතය.

එදින ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවත්, පස්වරු 3.00 ට පෙර පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් දැනුම් දී තිබේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මීට සමගාමීව ආණ්ඩුවට එක්වීමටද නියමිත බවද සඳහන් වෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු අප සමග පවසා සිටියේ, ආණ්ඩු පක්ෂයට එක්වීමට මන්ත්‍රීවරුන් බොහොමයක් කැමැත්තෙන් සිටියද ඔවුන්ට ලබාදීමට තනතුරු නොමැති බවයි.  

කෙසේ වෙතත් අයවැය ඡන්ද විමසන අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් බොහොමයක් ඒ සඳහා ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට සූදානම් වන බවද අද ට වාර්තා වේ. 



Recommended Articles