වර්ජනය තාවකාලිකව අත්හිටුවයි


රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක්ව හෙට (15දා) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

රජය ලබාදුන් සහන පිළිබඳව සෑහීමකට පත්වන බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් බැංකු සේවක සංගමය විසින් පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය පිළිබඳව ඔවුන් තවමත් තීරණයක් ගෙන නොමැත.

ඒ පිළිබඳවද අවසන් තීරණය ප.ව. 5.30ට පමණ ලබාදීමට නියමිතය. 



Recommended Articles