ලෝකයේ විශාලම ගුවන් යානයක් කටුනායකට ගොඩබස්සවයි


ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන විශාලම මගී ගුවන් යානා විශේෂය වන ප්‍රංශයේ නිෂ්පාදිත  A - 380 එයා බස් වර්ගයේ මගී ගුවන් යානයක් අද (25දා) අලුයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. - 449 දරන ගුවන් යානය මෙසේ ගොඩබස්සවන ලදී.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩුබායි බලා යන අතරතුර ඉන්ධන ලබාගැනීමේ අරමුණින් මෙය ගොඩබස්වා  ඇති අතර  යානයේ මෙහි මගීන් 400 ක් කාර්ය මණ්ඩලය 30 ක් ද සිටියද  ඔවුහු කිසිවෙක් ගුවන් යානයෙන් පිටතට නොපැමිණියහ.

 යානයට  ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව, යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

An-Emirates-Boeing-777-200-LR-Aircraft-2

 



Recommended Articles