ලංකාවේ සංචාරකයන් පිරිසක් ස්විට්සර්ලන්තයේදී අනතුරකට


ශ්‍රී ලංකාවේ සංචාරකයන් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් ස්විට්සර්ලන්තයේදී අනතුරකට පත්වීමෙන්  ලාංකිකයන් 12ක් ඇතුළුව 15ක් තුවාල ලබා ඇතැයි ස්විට්සර්ලන්ත මාධ්‍ය වාර්තා කරයි.

සූරිච් නුවරට උතුරින් පිහිටි අධිවේගී මාර්ගයකදී  ඊයේ (18දා) අදාළ බස් රථය ට්‍රක් රථ දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 40 දෙනෙකු ගමන් කර ඇත.

මෙම අනතුරින් බස් රථයේ සිටි මාර්ගෝපදේශිකාවක හා ට්‍රක් රථ රියදුරෙකු බරපතළ තුවාල ලබා ඇති  අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සූරිච් කැන්ටොනල් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

fc86b23e5c01cfa044419dbf659a861f1fdd98f1e59f814bffa29abc777bb96a



Recommended Articles