ලංකාවේ ඇමෙරිකානු තානාපති යුව රජෙක් වගේලු


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා යුව රජෙකු සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුලනායගම් මහත්මිය අද (13දා) පැවසුවාය.

ඇමෙරිකාව විසින් ලෝකය පුරා සිදුකරමින් යන රටවල් දෙකඩ කිරීමේ වැඩපිළිවෙළ ලංකාව තුළ දියත් කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරයා ගන්නා උත්සාහයට යහපාලන ආණ්ඩුවේ නායකයන් හසුවී තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.

එළිය සංවිධානය විසින් කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කුලනායගම් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත්  නොකරන ලෙසට ඇමෙරිකානු තානාපතිවරයා සිරිසේන ජනාධිපතිවරයාට නියෝග කර තිබුණු බවත්, එම නියෝග පිළිගැනීමට තරම් පාලකයන් පසුබැස තිබුණු බවත්ය.

IMG_0857 copy

 

 

 



Recommended Articles