රවිගේ විශ්වාසභංගයට මහින්ද අත්සන් නොකළ හේතුව


මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව බාරදුන් විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ උපක්‍රමික හේතුවක් මත යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා අද (30දා) පැවසීය.

පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ තවත් මන්ත්‍රීවරයෙක් මෙයට අත්සන් නොකළේ විදේශ ගත වී සිටින නිසයි. රෝගී තත්ත්වයෙන් සිටි නිසා ජනක බණ්ඩාර තෙන්නකෝන්, විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන් අත්සන් කළේ නෑ. ඒ වගේම උපක්‍රමික හේතුන් මත මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනත් අපි මේ සඳහා එකතු කරගත්තේ නෑ.

නමුත් චමල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අත්සන් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහජන ඡන්දයෙන් තේරුණු මන්ත්‍රීවරුන් 85 දෙනාගෙන් 44 දෙනක් දැනට විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තියෙනවා.” යැයි පවසා සිටියේය.

 



Recommended Articles