රවිගේ ප්‍රකාශයට කතා නායක ඉඩ නොදෙයි


බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක මහතා ඉඩ ලබා දිය නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

බැඳුම්කර වාර්තාගේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කතානායකවරයා පැවැසුවේ එය වරප්‍රසාද ප්‍රශ්ණයක් නොවන බවයි.

රවි කරුණායක මහතා අද (24දා) ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් අවශ්‍යනම් වෙනත් දිනයක් ලබාදිය හැකි  බව කතානායකවරයා පැවැසීය.

පසුව රවී කරුණානායක මහතා පැවැසුවේ තමා එම ප්‍රකාශය මාධ්‍යයට ඉදිරිපත් කරන බවයි.

ravi-640x400



Recommended Articles