යුද්ධයේ පිරිවැය රු බි 30000ක්


වසර 30ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ පිරිවැය රුපියල් බිලියන 30000කට අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන්  සඳහන් කරයි. ඔහුගේ නවතම ග්‍රන්ථය වන 'Choices: Inside the Making of India’s Foreign Policy' නැමැති ග්‍රන්ථයේ මෙය සඳහන් බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්තා කරයි.

එසේම එම පිරිවැය තුළ ආවස්ථික පිරිවැය (opportunity cost) ඇතුළත් නෙවන බවත් හිටපු ආරක්ෂක උපදේශකවරයා සඳහන් කරයි. 1983 වසරේ පටන් 2009 දක්වා පැවති යුද්ධයෙදී ජීවිත 80000-100000ක් අතර ගණනක් අහිමිව තිබෙන බවත් ඔහු පවසයි.

එහිදී සාමාන්‍ය වැසියන් 30000-50000ක ගණකක්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 27693ක්, හමුදා නිලධාරීන් 23,790ක් හා ඉන්දීය සාම සාධක හමුදාවට අයත් හමුදා නිලධාරීන් 1155ක් ජීවිතක්ෂයට පැත්ව ඇතැයි ඔහු පවයයි.

යුද්ධයේ අවසන් කාලයේදී පමණක් පුද්ලගයින් 300000කට අධික ප්‍රමාණයක් අවතැන් වූ බවත් උතුරු නැගෙනහිර වළදමා ඇති බිම්බෝම්බ ප්‍රමාණය ලක්ෂ 16ක් පමණ වන බවත් ශිවශංකර් මෙනන් සඳහන් කරයි.

shivsankar-menon759

North_Sri_Lankan_battle_field  menon_choicesmenon_choices

 



Recommended Articles