දුම් පරීක්ෂා ගාස්තු වැඩිවීම යතුරුපැදි හා ත්‍රිරෝද සඳහා නෑ


වාහන දුම් පරීක්ෂා කිරීමේ ගාස්තු සංශෝධනය යතුරුපැදි හා ත්‍රිරෝද රථ වෙත අදාළ නොවන බවත්, ජනතාව වෙත වැරදි මතයක් ගොස් ඇති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(23දා) ප්‍රකාශ කළේය. එය අදාළ වන්නේ මෝටර් රථ ඇතුළු ඉන් ඉහල වාහන සඳහා බවඳ මුදල් අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් දුම් පරීක්ෂා ගාස්තු වැඩිවිම යතුරුපැදි හා ත්‍රිරෝද රථවලටත් අදාළවන බවට පසුගිය දින දෙකේදි තොරතුරු පැතිර යාම නිසා වාහන දුම් පරීක්ෂා කරන ස්ථානවන දැඩි තදබදයක් පැවැතුණි.

- ඡායාරූපය මාතර සෙව්වන්දිපත්තුවේ ආරච්චි



Recommended Articles