මෝදිට ගෙනාපු එක් හෙලිකොප්ටරයක් මහනුවර නතර වෙයි


ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී භාවිත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් දෙකෙන් එක් හෙලිකොප්ටරයක් තවමත් ඉන්දියාව බලා පියාසර කර නොමැති බව වාර්තා වෙයි.

ඒ එම හෙලිකොප්ටරය කාර්මික දෝශයකට ලක්විම හේතුවෙනි. මෙය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ නවත්වා ඇත. එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් වන එහි ඇතිවී තිබෙන කාර්මික දෝශය ශ්‍රී ලංකා ගුවන්  හමුදාව හඳුනාගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ගෙන එන තෙක් එය අස්ගිරිය ක්‍රීඩාංගණයේ නවත්වා තිබේ.

unnamed (7) copy

 

 



Recommended Articles