මෛත්‍රී පාලනය වහාම නවත්වන්න


ගෝනවල සුනිල් වැනි අපරාධකරුවන්ටද පොදු සමාව ලබාදී තිබෙන නිසා ඥානසාරහිමියන්ටද වහාම පොදු සමාව ලබාදිය යුතු බව පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි.

මෛත්‍රී පාලනයක් රට තුළ ඇති කළ දා සිට රට තුළ ප්‍රශ්න එකින් එක ඇතිවෙමින් තිබෙන බවද එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (18 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ නිසා මෛත්‍රියෙන් පාලනය කිරීම නවතා දැමිය යුතු බවත්, රට තුළ සිදුවෙමින් තිබෙන විනාශය නවතා දැමීමට වහාම විධායක බලතල භාවිත කර කොන්ද කෙළින් තීන්දු තීරණ ගත යුතු බවත් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූවේය.

2223233

 



Recommended Articles