මිලියන 5 රන් කුට්ටියක් කටුනායකදී අත්අඩංගුවට


රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කිලෝ ග්රෑම් එකක් බර රන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 48 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ .

ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු මෙම රත්තරන් කුට්ටිය සිය ගමන් මල්ලේ සගවා ගෙන , ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම රත්තරන් කුට්ටිය ඉන්දියාව වෙත රැගෙන යෑමට පැමිණි බවයි.

Untitled-1 copy

 



Recommended Articles