මිලියන 35ක් දුන්නේ සුනිල් ට්‍රේඩර්ස්


මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 350ක මුදලක් පරිත්‍යාග කළ පුද්ගලයා පිළිබඳව ඊයේ (16දා) අණාවරණය වුණා. ඒ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී.

සුනිල් ට්‍රේඩර්ස් අධිපති සුනිල් මුතුමාල මහතා වෙනුවෙන් ඔහුගේ පුත් තුසිත් මුතුමාල මහතා විසින් මෙම පරිත්‍යාගය කර තිබේ. මෙම ස්කෑන් යන්ත්‍රය ආනයනය කිරීමට අවශ්‍ය සියලු මුදල් තම පවුල විසින් දැරිමට සැලසුම් කර තිබූ බවද තුසිත මහතා කීවේය.

සිය පරිත්‍යාගය කිරීම සඳහා පිටකොටුව වෙළද ජනතාව මෙන්ම සිය ගනුදෙනුකරුවනුත් සහාය දැක්වූ බව ඔහු කීවේය.

DSC_3630

 

 


Recommended Articles