මාළඹේ වෛද්‍ය විද්‍යාලය වහාම රජයට පවරාගන්න


මාළඹේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය(SATIAM) වහාම රජයට පවරාගෙන රජය මගින් උපාධි ලබාදීමට කටයුතු කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද(05)  පාර්ලිමේන්තුවේදී පැවසීය. 

එසේ පවරාගැනීමට ප්‍රථම ඒතුළ දැනට ලියාපදිංචි වී සීටින අපොස(උසස් පෙළ) සමත් සිසුන් පමණක් තොරාගෙන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලීය.ඉන්පසුව එය රජයට පවරාගෙන ඔවුනට මූලිකව විද්‍යාවේදී උපාධිය ලබාදෙන ලෙසත් පසුව සුදුසුනම් වෛද්‍ය උපාධිය ලබාදීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීය. 



Recommended Articles