මහ කොමසාරිස්ට පහරදීම - පහක් අත්අඩංගුවට


(VIDEO) මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවු දෙනෙකු හඳුනාගැනිමට හැකි වූ බවත් මැලේසියාවේ පොලිස්පති ටී.එස්.කේ. අබු බකර් මහතා පවසයි.

මැලේසියාවේ පැවැති ආසියානු දේශපාලන පක්ෂ සම්මේනයට එක්ව සිටි ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා මැලේසියාවේ ක්වාලම්පූර් ගුවන් තොටුපොළට ඇරලවීමන් පසු ගුවන්තොටුපොළින් පිටතට පැමිණීමට උත්සාහ කරන විට ඊයේ (04දා) මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා  කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්විය.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කළ එන්. එස්.ටී. (නිව් ස්ටාර් ටයිම්ස්) පුවත් සේවය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන්  අවුරුදු 27 – 56 යන වයස්වල සිටින පුද්ගලයින් බවයි.  

එසේම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලදී මැලේසියාවේ සංචාරයකව නිරතව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා දැක්වූ පිරිස් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දැක්වූ පිරිස් පිළිබඳවද තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.

එසේම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අනෙකුත් සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගැනිම සඳහා මෙහෙයුම් සිදුකරන බවත් ඊයේ (04දා) සවස පටන් සිද්ධිය සම්බනධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් පොලිස්පති අබු බකර් සඳහන් කරයි.

මැලේසියානු මහ කොමසාරිස්වරයාට ක්ලාලම්පූර් ගුවන් තොටුපොළේදී පහර දෙන අයුරු දැක්වෙන්  සී.සී.ටී.වී. දර්ෂණද අන්තර්ජාලයේ දක්නට ලැබෙන අතර සිද්ධියෙන් මහ කොමසාරිස්වරයාගේ මුහුණුට හා සිරුරට තැලුම් තුවාල සිදුව තිබුණ නමත් ඔහුට මූලික ප්‍රතාකාර ලබාදුන් බවද පොලිස්පතිවරයා පැවැසීය.

නිව් ස්ටාර් ටයිම්ස්, ද ස්ටාර් හා  මැලේසියා අවුට්ලුක් ඇසුරෙනි



Recommended Articles