මහියංගණයේ ද්විත්ව කාන්තා ඝාතනයක්


මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. අවුරුදු 52ක් වන හීන් මැණිකා (මව), අවුරුදු 40ක් වන ඩබ්.එම්. රේණුකා (දුව) මෙසේ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මරණකාරියකගේ පුතා මහියංගණය පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දී සිය මව හා සහෝදරිය ඝාතනය කර ඇති බවට පැමිණිලි කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහියිංගණය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Police-logo

 



Recommended Articles