මහින්ද රාජපක්ෂ ගැන හොඳට දන්නවා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන තමන් කාටත් වඩා හොඳින් දන්නා බවත් ඔහු කළ දේවල් පිළිබඳවද තමන් දන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට චෝදනා නොකරුන්නැයිද, හිටපු ජනපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස යන මහත්වරුන් කළ වංචා පිළිබඳවද තමන් දන්නවා යනුවෙන් නවක සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

“රටට වැඩ කරපු නායකයෝ ගන වැරදියට කතා කරන්න එපා. පාර්ලිමේන්තුව හැදුවේ ජේ.ආර්. ජනපතිතුමා, ප්‍රේමදාස ජනපතිතුමා ගෙවල් ලක්ෂ දෙකක් හැදුවා” යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.  



Recommended Articles