මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ්


(UPDATE) 14.20 PM

මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එළැඹෙන 22දා තෙක් දින හතක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කටයුතු කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා අද (15දා) අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළේය. 

කුරුදුවත්ත ප්‍රදේශයෙන් ලක්ෂ 270ක් පමණ වටිනා නිවසක් මිලට ගෙන ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කොට තිබේ. 


10.20 AM

හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (15දා) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර එයින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඡයාරූප - ඒශාන් ප්‍රනාන්දු

_DSC0489 _DSC0497 _DSC0503 _DSC0508 _DSC0509 _DSC0529 _DSC0530



Recommended Articles