මහින්දගේ බාල සහෝදරිය මිය යයි


 හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සහෝදරිය වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදි ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට  පත්ව තිබේ. සහෝදර සහෝදරයින් 9 දෙනෙකුගෙන් යුත් රාජපක්ෂ පවුලේ බාල සහෝදරිය ඇය වෙයි.

නුගෝගොඩ ඇයගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (09) උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. 

 



Recommended Articles