මහඇමතිගේ ළිඳේ උණ්ඩ තොගයක්


 

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට අයත් නිල නිවසේ ළිඳෙහි තිබී ටී 56 උණ්ඩ තොගයක් අද (16) සොයා ගැනුණි.

කම්කරුවන් පිරිසක් ළිඳ පිරිසිදු කරමින් සිටියදී මෙම උණ්ඩ තොගය සොයා ගැනුණු බවත් ඒ අතර උණ්ඩ 200කට වැඩි ප‍්‍රමාණයක් තිබෙන බවත් පොලිසිය ප්‍රකාශකළේය.

භාවිතයට ගත නොහැකි පරිදි දිරා ගොස් තිබෙන මෙම උන්ඩ පිළිබඳව අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනබව පොලිස් මුලස්ථානය පවසයි.



Recommended Articles