මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අත්බෝම්බ ප්‍රහාරයක්


කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අද (21දා) අලුයම එල්ල වූ පෙට්‍රල් අත්බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

පල්ලියට පෙට්‍රල් අත්බෝම්බ හතරක් එල්ලවී ඇති අතර, ඉන් එකක් පමණක් පුපුරා යෑමෙන් පල්ලියේ බිත්තියකට සුළු හානියක් සිදුව තිබේ.

පල්ලියේ ආරක්‍ෂිත කැමරා (සී.සී.ටී.වී.) කැමරා සවිකර තිබුණද ඒවායෙහි මෙම ප්‍රහාරය පිළිබඳ රූපරාමු පැහැදිලිව සටහන් වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මීට වසරකට පමණ ඉහතදී අදාළ පල්ලියේ ඇතුළත තිබූ පිං කැටයද කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ විශාල මුදලක් සොරකම් කර තිබූ අතර, ඊට සම්බන්ධ සැකකරුවන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි වාර්තා වේ.

මල්ලවපිටිය ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් ජනතාව දිගු කාලයක සිට ඉතා සමගියෙන් ජීවත් වන අතර, එම සාමය බිඳීමේ අරමුණින් කිසියම් අන්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව යෙදවීමටද පියවර ගෙන තිබේ.

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති හේන්රි කුරේ සහ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එම්. සෝමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

Grabbed Frame 232 copy Grabbed Frame 233 copy Grabbed Frame 234 copy Grabbed Frame 235 copy Grabbed Frame 236 copy Grabbed Frame 237 copy Grabbed Frame 238 copy Grabbed Frame 239 copy



Recommended Articles