මඩකලපුව නිවෙස් දෙකකින් පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට


මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ආයම්පදි, පොන්නුත්තුරෙයි ගුරු වීදියේ ඇති නිවාස දෙකකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය සමත්ව තිබේ.

අද (07දා) උදෑසන පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ නිවෙස් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

පෙට්‍රෝල් බෝම්බ, යතුරු පැදි බැටරි, වයර්, වේලා සඳහන් බෝම්බ, ඔරලෝසු ඇතුළු ද්‍රව්‍ය තොගයක් මෙසේ සොයා ගෙන ඇත.

S5260013 S5260018 S5260019 S5260021 S5260023 S5260024 S5260025 S5260026 S5260027 S5260031

මඩකලපුව ජවුෆර් ඛාන්

 



Recommended Articles