අනතුරට පත් බෝට්ටුවේ රියදුරා පොලීස් අත්අඩංගුවට


බේරුවල සිදුවූ බෝට්ටු ඛේදවාචකයට අදාළව බෝට්ටුව පැදවූ තැනැත්තා පොලීසිය විසින් ඊයේ (23දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන බෝගල්ල බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු අද (24 දා) කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා



Recommended Articles