බැසිල්ගේ නොවන ඉඩම විකුණන්නට අධිකරණයෙන් අවසර


 

හිමිකමක් නොමැති මල්වානේ ඉඩමක් විකුණා ලැබෙන මුදල් අධිකරණයේ ගිණුමට බැර කරන ලෙස අද (14දා) අධිකරණය නියෝග කළේය.

මෙම ඉඩම  සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබුණද එම ඉඩම තමාට අයත් නොවන බව බැසිල් රාජපක්ෂ උසාවියට පවසා තිබුණි.

එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් නඩුවට බැර කරන ලෙස නඩුවේ තීන්දුව ලබාදෙමින් පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියෝග කළේය.

කිරිදිවැල උපාලි රණවීර

 



Recommended Articles