බලපත්‍ර නොමැතිව බස් ධාවනය කර 12 දෙනෙක් දඩකති


ගෙවීගිය මාසයක කාලයක් තුළ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක කණ්ඩායම් සිදුකළ මෙහෙයුම්වලදී මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ 12කට එරෙහිව නීති මගින් කටයුතු කර තිබේ.

එහිදී මහනුවර - ත්‍රිකුණාමලය හා මහනුවර - කදුරුවෙල මාර්ග දෙකෙහි බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස්රථ දෙකකට එක් බස් රථයකට රුපියල් ලක්ෂ 02 බැගින් දඩ මුදල් නියම කර තිබේ.

මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - කොළඹ අතර බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථයකට රුපියල් 75,000ක දඩයක් නියම කර ඇත.

මෙම මාර්ගවලට අමතරව මහරගම - ගාල්ල, වැල්ලවත්ත  - කන්කසන්තුරේ, මඩකලපුව - වැල්ලවත්ත, මඩකලපුව - කොළඹ, නුවරඑළිය - යාපනය යන මාර්ගවල බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනය කළ බස් හිමියන් 09 දෙනෙකුට එරෙහිව රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වා දඩ මුදල් නියම කර තිබේ. 

 



Recommended Articles